Loading...

මහින්දට එරෙහි විශ්වාසභංගයට දින නියම වෙයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව විවාදය ගන්නා දින තීරණ කර තිබෙනවා.

ඒ අනුව මේ මස 19 සහ 20 දෙදින තුළදී විවාදයට ගැනීමට නියමිතයි.

අද (14) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *