Loading...

සජිත් සහ අනුරගේ විවාදයට දින නියම වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා නියම වී තිබෙනවා.

පක්ෂයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දුන් දිනවලින් විවාදය සඳහා ජුනි 6 වනදා අනුර දිසානායක මහතා භාරගත් බවයි.

ඒ අනුව සමඟි ජන බලවේගය විවාදයේ කටයුතු සුදානම් කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ස්ථානය වේලාව සහ විවාදයේ විෂය පථය ඉදිරියේ දී සාකච්ඡා කර තීරණය කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *