රේගු නිලධාරීන් අද (19) උදෑසන සිට ආරම්භ කළ අකුරටම වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ පැවැති සාකච්ඡාවක් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මෙම අදහස් පළකලා.
එහිදී අදහස් දක්වමින් වෘත්තීය සමිති කියා සිටියේ රේගු සේවකයන්ට අතිකාල සහ දිරිදීමනා ගෙවීම් සිදු කෙරෙන රේගු ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යංශය භාරයට ගෙන ඇති බවයි.
එය අසාධාරණ බව පවසමින් රේගු නිලධාරීන්, රේගු අධිකාරීවරුන් සහ රේගු මාණ්ඩලික නිලධාරීන් මෙම වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කර තිබෙනවා.
Leave a Reply