Loading...

සරණ වැරදිකරු බවට අධිකරණය නම් කරයි

දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණ නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවල තීන්දුව ප්‍රකාශවලට පත් කරමිනි.

මේ අනුව විත්තිකරුට දඬුවම් නියම කිරීමට නියමිතයි.

ඊට අදාළ කරුණු දැක්වීම් නීතිඥවරුන් මේ වන විට සිදු කරමින් පවතිනවා.

2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *