Loading...

පියුමිගේ ක්‍රීම් විකුණු කුරියයර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිගේ රුපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදා හරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මඟින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

මේ අනුව ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අදාළ කුරියයර් සමාගමේ සභාපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වන ලෙස ඉල්ලමින් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිත බව සඳහන්.

දැනට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලට අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය රුපියල් ලක්ෂ 780ක මිලකට ඇය විසින් මිලදී ගෙන තිබුණා.

තවද ඇය විසින් කොළඹ 7 වෝර්ඩ් පෙදෙස නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් සුඛෝපභෝගී නිවසක් ද මිලදී ගෙන තිබෙනවා.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනවලට අනුව පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් විසින් පරිහරණ කරන බැංකු ගිණුම් 19ක් පිළිබඳව විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබුවා.

පියුමි හංසමාලි නිරූපන ශිල්පිනියක් ලෙස මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයයට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ මගින් උපයාගත් වත්කම් විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *