Loading...

මැතිවරණයට යන වියදම ගැන කොමිසම දැඩි අවධානයෙන්

2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයින් ගණන වැඩි වුවහොත් ඡන්ද පත්‍රිකාවේ සුවිශේෂී වෙනසක් සිදු කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ සැමට ඡන්දය නමින් පසුගිය 22 වනදා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

“අපේ මැතිවරණ වියදම්වලින් වැඩිපුරම මුදලක් අපි දරන්නේ තැපැල් දෙපාර්තමේන්තුවට, පොලිස් දෙපාර්තමේන්තුවට සහ රජයේ මුද්‍රණාලයට. අපි ප්ලේන්ටියක් බොන අතරේ තැපැල් අයිස් කෝෆි එකක් බිබී වැඩේ කරනවා.

මගුල අපේ.. හැබැයි හනිමූන් යන්නේ වෙන කට්ටිය. හැබැයි මේ පාර නම් පැහැදිලිව වියදම සම්බන්ධයෙන් බලන්න වෙනවා.

මේ සැරේ අපේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි වුණොත් එහෙම පේළි දෙකේ ඡන්ද පත්‍රිකාවක් හදන්න වෙයි. ගිය පාරත් අඟල් 26න් අපි බේරුණා. මේ පේපර් එකේ දිග එන්නේ අඟල් 27යි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *