Loading...

එළැඹෙන සතියත් ජපානයට අවදානම්

ජපානය නැවත දරුණු භූකම්පනයක් සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමෙන් පසු යළි දෙවන වරටත් මෙලෙස භූමිකම්පනයක් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කරන බවයි.

මේ අනුව ඉදිරි සතියේ දී දරුණු භූකම්පාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එරට බලධාරීන් පෙන්වා දෙනවා.

මෙම භූකම්පනය රික්ටර් පරිමාණයේ 8.0ක හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් වාර්තා විය හැකි බව ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.

ඊසාන දිග වෙරළ තිරයේ ඊයේ (20) රික්ටර් මාපාංකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පාවක් ඇති වුණා.

මේ හේතුවෙන් සුනාමි රළ පහර එරට නැගෙනහිර වෙරළට පැමිණ තිබුණා.

ජපානය භූගෝලීය වශයෙන් ගිනිකඳු වළල්ල මත පිහිටා ඇති බැවින් වසරකට භූමිකම්පා 1500ක් පමණ සිදු වන අතර ලොව පුරා සිදුවන රික්ටර් පරිමාණ 6.0ට වැඩි භූමිකම්පාවලින් 10%ක්ම වාර්තා වන්නේ ජපානයෙනි.

2011 මාර්තු මසදී ඉවාතේ ප්‍රාන්තයට දකුණින් සිදුවූ රික්ටර් පරිමාණ 9.0ක මහා භූකම්පනය ජපානය තුළ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනය ලෙස සැලකෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *