Loading...

වෙනිසියුලා භූකම්පනයෙන් මියගිය ගණන 164ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ සිදුවූ භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 164ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ආසන්නව අද (25) ප්‍රබල භූකම්පාවක් හටගෙන තිබූ බවයි.

මෙම භූකම්පනයේ කොලොම්බියාවට දැනී ඇති බව සඳහන්.

භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 971ක් තුවාල ලබා තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මොන්ටල්බන් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 13.2ක ගැඹුරකින් රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබලත්වකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බවයි.

භූ කම්පනයත් සමඟ කැරකස් හි ගොඩනැගිලි කඩා වැටී ඇති අතර, එහි ජනතාව එම ස්ථානවලින් ඉවත්ව ඇති බව රොයිටර් පුවත් සේවයේ වාර්තා පෙන්වා දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *