ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ඊයේ (02) ඇමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දුපතේ හිදී ආරම්භ වුණා.
තරඟාවලියේ සමාරම්භක දිනයේ පැවැති තරඟ දෙකෙන් අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ජයග්‍රහණය සමත් වුණා.
ඒ අනුව පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් ජනපදය පළමුවෙන් පන්දු රැකීම තෝරාගනු ලැබුවා.
එම අවසරයෙන් පිටියට පිවිසි කැනඩා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වුණා.
කැනඩා කණ්ඩායම වෙනුවෙන් Navneet Dhaliwal ලකුණු 61 (44)ක්ද, Nicholas Kirton ලකුණු 51 (31)ක්ද, Shreyas Movva ලකුණු 32 (16) ක්ද ලබා ගනු ලැබුවා.
ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය අමෙරිකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 197ක් ලබා ගැනීමට තරඟය ජය ගැනීමට සමත් වුණා.
මේ අතර තරඟාවලියේ අනෙක් තරඟය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පැපුවා නිව්ගිනීයා කණ්ඩායම පැවැති තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
කොදෙව් දුපත් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම පැපුවා නිව් ගිනියා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ පැපුවා නිව් ගිනියා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 136ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 137ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5ක් අතැතිව ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට සමත් වුණා.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් පන්දු 27 කින් නොදැවී ලකුණු 42 ක් ලබාගත් අතර බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 34ක් රැස්කළා.
Leave a Reply