සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණ දෙන බව පවසන තර්ජන සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කරන ලද නියෝගයක් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මුදල් කාරක සභාවේ සභාපතිකම භාරගනු ලැබුවේ අභියෝග රැසක් මැද බවයි.
තමාට කාර්යාලයක් නොමැති බවත් සේවය කිරීමට ඇත්තේ තිදෙනෙක් පමණක් බවත් ඇතැම් අවස්ථාවල ඔවුන්ට තම පුද්ගලික මුදලින් වැටුප් ගෙවන බවත් සඳහන් කළා.
තවද ගල් අඟුරු ප්‍රශ්ණය, සීනි වංචාව සහ මහ බැංකුවේ වැටුප් ප්‍රශ්ණ සම්බන්ධව මුදල් කාරක සභාවෙන් දිගින් දිගටම කතා කළ බව පැවසු මන්ත්‍රීවරයා තමා ප්‍රශ්ණ රැසකට මැදි වූ බවද කියා සිටියා.
මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් ඇති වූ බවත් තමා එම සිදුවීම යට ගැසීමට උත්සාහ ගන්නා බවට පුවත් පළ වූ බවත්ය.
මෙවැනි දෙයක් සිදුකරනු ලබන්නේ කාගේ උවමනාවකට ද යන්නේ ප්‍රශ්ණ කර සිටි ඔහු තම ජීවිතයට යම් බලපෑමක් එල්ල වුවහොත් කථානායකවරයාට ද එහි වගකීමක් ඇති බවද වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply