හිටපු සංචාරක රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5ක කාලයක් ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙහිදී ඇය විසින් පාවිච්චි කරන ලද විදේශ ගමන් බලපත්ර, හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලුම පෞද්ගලික ලිපිගොනු පිළිබඳව ප්රශ්ණ කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) නීතිපතිවරයා මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා.
Leave a Reply