Loading...

නැති වුණු ඩොලර් මිලියන 2.5 ගැන කරුණු දක්වන්න මහ බැංකුවට සතියක කාලයක්

මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධව මහ බැංකුව ද වගකිව යුතු බව මුදල් අමාත්‍යාංශ වාර්තාව මඟින් පෙන්වා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අස්ථාන ගතවීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදීයි.

ඒ සම්බන්ධව මහ බැංකුවේ ස්ථාවරය පිළිබඳව දැනුම් දීම සඳහා සතියක කාලයක් ලබාදී ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡාව සඳහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කැඳවා තිබූ වාර්තා වනවා.

මෙහිදී අදාළ සිදුවීම පිළිබඳව මහා භාණ්ඩාගාරය විසින් සකස් කර ඇති වාර්තාව පිළිබඳව අවධානය යොමු වූ බවද කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *