හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පොදු දේපල පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (29) නැවත කැඳවීමට නියමිතයි.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දීයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ සමයේ දී ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගී වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.
මෙම නඩුවට අදාළව පසුගිය අප්‍රේල් මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබූ බව සඳහන්.
ඔවුන්ගේ නිවසේ දී මෙම ප්‍රකාශය ලබාගෙන තිබුණා.
ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇගේ නිවසට එන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ ලිඛිත ඉල්ලීමක් අනුව මෙලෙස අදාළව නිලධාරීන් නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.







Leave a Reply