ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර ඇති අදාළ පනත් කෙටුම්පත මැයි මස 15 වනදා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වනවා.
2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා ද ඒ සම්බන්ධව හෝ ඊට අනුශංශික අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත සකස් කර තිබෙනවා.
මේ අනුව 2026 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත යනුවෙන් දී ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අවසන් වනු ඇති.
මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය දැරීම අවසන් කරනු ලැබුවා.
එම ධූරය දරන පුද්ගලයා අදාළ සන්නද්ධ හමුදාවල ඔවුන් අයත් සේවයට අනුයුක්ත කිරීම මෙහිදී සිදුවනවා.
මෙම පනත ක්‍රියාත්මක වීම සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අයත් සියලු චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වෙත පැවරීම සිදුකළ යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වනවා.








Leave a Reply