මරදාන සිට බෙලිඅත්ත දක්වා ගමන් ගත් දුම්රියේ මඟින් සහිත මැදිරි 4ක් අලුත්ගම දුම්රිය ස්ථානයට මීටර් 500ක් පමණ නුදුරින් ඊයේ (07) රාත්‍රියේ දී ගැලවී ගොස් ඇති බව වාර්තා වනවා.
අලුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ මැදිරි 4 නොමැතිව එන්ජිම සහිත සෙසු මැදිරි අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා පැමිණ ඇති බවයි.
රාත්‍රී 7.40ට පමණ මෙම දුම්රියේ මැදිරි ගැලවී ගොස් ඇති අතර පසුව දුම්රිය පසුපසට ධාවනය කර ගැලවී ගිය මැදිරි 4 සවිකර නැවත අලුත්ගම ස්ථානයට පැමිණි බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.
මෙහිදී දුම්රිය පණ ගැන්වීමට යෑමේදී විදුලි පද්ධතිය අක්‍රිය වීම හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා.
අනතුරුව රාත්‍රී 9ට පමණ නැවත දුම්රිය යථා තත්ත්වයට පත්කර බෙලිඅත්ත දක්වා ගමන් ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.
Leave a Reply