Loading...

දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) සිට නැවත ආරම්භ වනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2086 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් ඒ සඳහා ස්ථාපිත කර තිබෙනවා.

විභාගය අද (12) සිට ලබන 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාගය ආරම්භ වීමට පැයකට පමණ පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු වනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පත්‍ර අස්ථානගත වී ඇත්නම් එවැනි අපේක්ෂකයින්ට ද විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සලසා දී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *