Loading...

ජුනි 15ට කලින් ගේනවා කියපු අය අරගෙන පෙන්නන්න – මහින්ද රනිල්ට දැනුම් දෙයි

සමඟි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 25 දෙනෙක් ආණ්ඩුවට එක්කර ගන්නා බවට ජනාධිපතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදී තිබූ පොරොන්දුව ලබන 15 වන දිනට පළමුව ඉටු කරන පෙන්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් තෙවන පාර්ශවයක් හරහා පසුගිය සතියේ දී ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.

ජුනි 15ට පෙර පොරොන්දු වූ පරිදි ආණ්ඩුවට මන්ත්‍රීවරුන් පිරිසක් සජබයෙන් එක්කර ගැනීමට හැකි නම් පමණක් ඉදිරි ජනාධිපතිවරණයේ දී පොහොට්ටුවේ සහාය ද ජනාධිපතිවරයාට ලබාදිය හැකි බවයි එම පණිවිඩයේ වැඩිදුරටත් දැනුම් දී ඇති බව පැවසෙනවා.

කෙසේ නමුත් එම පොරොන්දුව ඉටු කිරීමට ජනාධිපතිවරයා හැකියාවක් නොමැති නම් ජුනි මස 16 වනදා වන විට පොහොට්ටුව එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දුවක් ගැනීමට සුදානම් බවද පොහොට්ටු පක්ෂ අභ්‍යන්තර තොරතුරු වාර්තා පෙන්වා දෙනවා.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ අනුව ඒ සම්බන්ධ නිල නිවේදනය ජුනි මස 17 වනදා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *