Loading...

සිරියානු කැරලිකරුවන් අගනුවරට ඇතුළු වෙයි

සිරියානු කැරලිකරුවන් එරට ඩැමස්කස් අගනුවරට ඇතුළු වී තිබෙනවා.

වසර 10කට අධික කාලයක් පුරා එරට පැවැති යුදමය වතාවරණය උණුසුම් කරමින් සිරියාවේ ඩැමැස්කස් අගනුවරට උතුරින් පිහිටි ඇලැප්පෝ සහ හමා නගර යටත් කරගැනීම සිදු කරනු ලැබුවා.

ඊයේ (07) කැරලිකරුවන් ඩැමැස්කස් අගනුවර ආසන්නයේ හෝම්ස් නගරයේ ද තම පාලනයට නතු කර ගැනීමට සමත් වුණා.

මේ අනුව කැරලිකරුවන් අගනුවරට ද ඇතුළු වී ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අගනුවරට තදාසන්න ප්‍රදේශ රැසක් කැරලිකරුවන්ගේ පාලනයට යටත් වී ඇති බවයි.

මේ අතර රට තුළ පවතින තත්ත්වය මත සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් පෞද්ගලික ගුවන්යානයකින් රටින් පළාගොස් ගොස් තිබෙනවා.

විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ 54 වසරක පුරා සිරියාවේ පැවැති අසාද් පාලනය මේ වන විට බිඳ වැටී ඇති බවයි.

තවද අසාද් පාර්ශවකරුවන් ද අගනුවරින් පලා යාමට උත්සාහ කරමින් සිටින බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *