පසුගිය රජය සමයේ විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව උද්ඝෝෂණවලට සහභාගී වී වැඩ තහනමට ලක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් 60 දෙනෙක් සියලු වරප්‍රසාද සහිතව යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයකට අනුවයි.
පසුගිය ජනවාරි මසදී ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බව සඳහන් කරමින් එහි වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා.
විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර තිබියදී පාරිභෝගිකයන්ට අපහසුතාවයට පත් කරමින් රාජකාරිය සිදුකෙරෙමින් වැළකී සිටි සේවකයින්ට එරෙහිව පියවර ගන්නා ලෙස එවක විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණා.
මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් හැටදෙදෙනෙකුගේ සේවය තහනම් කෙරුණා.
කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ විශේෂ නියෝගයක් මත අදාළ සේවකයින් යළි සේවයේ පිහිටුවා තිබෙනවා.
ඊට අමතරව ඔවුන්ට අහිමි කර තිබූ වරප්‍රසාද යළි ලබාදීමට මෙන්ම දඬුවම් මාරු අවලංගු කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.
Leave a Reply