Loading...

ප්‍රතිකාරවලින් පසුව සුරේෂ් සලේ නැවත CIDයට

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව රෝහල් බලධාරීන්ගේ නිර්දේශය මත ඒ මහතා නැවත විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

මේ වන විට සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ විමර්ශනයකට අදාළව ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *