බලශක්ති අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරි ගැන්වීමේ අරමුණින් නිර්ණමය වූ සුරකිමු ලංකා ජාතික වැඩසටහන අද (29) නිල වශයෙන් ආරම්භ වුණා.
මෙහි මුලික අරමුණ වී ඇත්තේ බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කර ගැනීමයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.
ඊට අමතරව ඉදිරියේ ඇති විය හැකි එල්නීනෝ කාලගුණික තත්ත්වය සම්බන්ධව අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බව සඳහන්.
රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාව රජය මෙම වැඩපිළිවෙල පෙන්වා දෙන අතර ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වනවා.
මෙම වැඩසටහන අද (29) සිට ඉදිරි මාස 5ක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි.
මෙම වැඩසටහන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ “සුරකිමු ලංකා – එකතු වෙමු – එළිය දෙමු” යන තේමාවෙන් ක්‍රියාත්මක වනු ඇති.
මේ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය සිව්ල් සමාජය සහ සමස්ථ මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කරන අතර විදුලිය වැඩි ලෙස භාවිතා කරන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව තුළ දුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම “සුරකිමු ලංකා” වැඩසටහන යටතේ සිදු කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන මඟින් විදුලි පරිභෝජනය සඳහා කිසිඳු තහංචියක් පැනවීමට අදහස් නොකරන නමුත් විදුලි උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක ජලාශ්‍රිතව සිදුවන බැවින් ඉදිරියේදී ජල පරිභෝජනය ද ඉතා අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බවද මෙමගින් අවධාරණය කරනු ඇති.








Leave a Reply