Loading...

පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලූ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (01) පෙත්සම් කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥ පිරිසක් මෙම ඉල්ලීම සිදු කළා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සහ අතරමැදි පෙත්සම්කාර පාර්ශ්ව පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාවට අනුව විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ අභිමතය අගවිනිසුරුවරයා සතු වන බවයි.

සියලු කරුණු සලකා බලමින් නියෝගය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා, අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර පවතින පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේම ඉදිරි පෙත්සම් විභාගය සිදුකරන බව දැනුම් දුන්නා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *