Loading...

මුදල් ලේකම් ඉවත් කරන්න ගිය සුගීෂ්වරට ගොම ගහලා

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් තිබුණා.

එහිදී නව ජනතා පෙරමුණේ පිරිස මුදල් ලේකම්වරයාගේ නිවස අසල විරෝධය පළකරමින් සිටි අවස්ථාවේ දී සුගීෂ්වර මහතා ඇතුළු කිහිපදෙනෙකුට ගොම ගෑවී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවා තිබුණා.

මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරු පැමිණ හර්ෂණ සූරියප්පෙරුමට නැත්නම් ඔවුන්ගේම නායකයාට ගොම ගැසූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *