ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ, තම සභාපතිවරයා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එල්ල කළ චෝදනා අසත්‍ය, පදනම් විරහිත හා ද්වේෂ සහගත චේතනාවෙන් සිදුකර ඇති බවයි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනතාව නොමඟ යැවීමට ගන්නා උත්සාහයන් පිළිගත නොහැකි බවත්, තම සභාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කරන දේශපාලන ප්‍රහාර සාර්ථක නොවන බවත් එම සංගමය අවධාරණය කරනවා.
ශ්‍රී ලංකාවේ නීති ප්‍රජාව එකමුතුව නීතිඥ සංගමයේ ස්වාධීනත්වය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදුකළ බව කියන එම ප්‍රකාශය හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතදී ද නැවත ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතාට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අභියෝගයක් ද එල්ල කර තිබෙනවා.








Leave a Reply