අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව පුද්ගලයින් 5 දෙනෙක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ අතුරුගිරිය පොලීසිය විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇති බවයි.
වෙඩි තැබීම සිදුවූ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකුගෙන් මෙම ප්‍රකාශ සටහන් කර ඇති බව සඳහන්.
ඊයේ (08) උදෑසන අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.
මෙම වෙඩි තැබීමෙන් ගායන ශිල්පී කේ. සුජීවා මහත්මිය ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.
රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ ඇය ජාතික රෝහලේ දී ශල්‍ය කර්මයකට භාජනය කර ඇති බවයි.
මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
වෙඩි වැදීමෙන් ඝාතනයට ලක්වූ ක්ලබ් වසන්තගේ බිරිඳ හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට මාරුකර යවා ඇති බවද වාර්තා වනවා.
මේ අතර අදාළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පළාගිය වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ බුලත්සිංහල දෙල්මැල්ල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී අදාළ වෑන් රථ සොයාගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
Leave a Reply