Loading...

ඉන්ධන තොග ගැන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්

මැදපෙරදිග යුද වාතාවරණයක් ඇතිව තිබුණ ද දැනට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ එම නිසා අනවශ්‍ය බියක් ජනතාව ඇති කරගත යුතු නොමැති බවයි.

අද (01) ඉරිදා දිනයක් වුවත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් හෙට යෙදී ඇති පොහොය දිනය තුළ ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් ඔහු සඳහන් කරනවා.

“සාමාන්‍යයෙන් මෙම තත්ත්වය උදා වෙන්න ඉස්සල්ලා සාමාන්‍යයෙන් අද ඉරිදා නිවාඩු දිනයක්. දීර්ඝ සති අන්ත කිවාඩුවක් නිසා IOC සමාගම මීට ප්‍රථමම තීරණය කරලා තිබුණු පරිදි සාමාන්‍ය පරිදිම ඉන්ධන බෙදා හැරීම සිදු වෙනවා. පෝය දිනයක් තුළ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු නොවුනත් මීට පෙර තීරණය කර ගත් පරිදි CPSL ආයතනය හෙට (02) දිනයේ ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදුකරනවා. ඒ සඳහා ටැංකි රථ අවශ්‍ය ප්‍රමාණයෙන් යොදවලා තියෙන්නේ. ඉන්ධන සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කරගත යුතු නෑ”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *