Loading...

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරුයි – ජනපති යුරෝපා සංගමයේ නියෝජිතයින්ට දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (25) හමුවක් සිදුව තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙරට වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති බවයි.

සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධව ද ඔහු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ තවද ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ක්‍රමවේද සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත් හදිසි සේවා යොදවා ඇති බවත්ය.

යුරෝපා සංගමය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු ලෙසයි.

එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළෙඳපොළ ලෙසත් කටයුතු කරනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *