Loading...

මැදපෙරදිග අර්බුදය මැද ශ්‍රී ලංකාවේ ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි – IMF

මැදපෙරදිග යුද්ධය පැවැතිය ද ශ්‍රී ලංකා බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සාර්ව ආර්ථික හා සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ උපයෝගී වී ඇති බව IMF මණ්ඩල ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු මහතා පවසනවා.

ඔවුන් මෙම අදහස් පළ කළේ මෙරට සංචාරය අදින් නිමවන අතර දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඔවුන් අද (30) පස්වරුවේ ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වසර අගදී අරමුදල් පහසුකම් පිළිබඳව 7 වන සමාලෝචන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද එම අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානියා පැවසුවා.

ඔහු කියා සිටියේ රටේ දිගු කාලීන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවට බාහිර කම්පන තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බැවින්, ආර්ථික ප්‍රතිසංස්කරණ තිරසාරව ඉදිරියට ගෙන යාමට ප්‍රමුඛතාව ලබාදිය යුතු බව IMF දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු මහතා අවධාරණය කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ඔහු, මැදපෙරදිග ගැටුම් හමුවේ ශ්‍රී ලංකාව මේ දක්වා අනුගමනය කළ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සුදුසු සහ කාලෝචිත බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *