Loading...

ජපානයේදී ලාංකික තරුණයෙකු ඝාතනය කරයි

ජපානයේ චිබා ප්‍රාන්තයේදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි මෙම තරුණයා නවාතැන් ගෙන සිටි ස්ථානයේදී ඝාතනයට ලක්ව ඇති බවයි.

ඔහු සමඟ එම නවාතැන් ස්ථානයේ රැඳී සිටි 18 හැවිරිදි තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට එරට පොලීසිය සැක පළකර තිබෙනවා.

පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන්ට සහ මවට සිදුකළ බව කියන අපහාසයක් හේතුවෙන් කෝපයට පත්ව මෙම පහරදීම සිදුකළ බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලීසිය හමුවේ පාපෝච්චාරණයක් සිදුකළ බවද සැකකරු පවසා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *