විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (19) උදෑසන මෙරටට පැමිණියා.
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග කියා සිටියේ ක්‍රීඩකයින් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ බවයි.
මෙහිදී අදහස් දැක්වූ වනිඳු හසරංග, “ක්‍රීඩකයින් විදියට අපි දන්නවා අපි අතින් සිදුවූ වැරදි මොනවාද කියලා. අපි ක්‍රීඩකයෝ වශයෙන් හොදින් ක්‍රීඩා නොකළ නිසා පිතිකරණය, පන්දු රැකීම සහ පන්දු යැවීම කණ්ඩායමක් වශයෙන් හොදින් කළේ නෑ..”
Leave a Reply