16 වසරකට පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පුර්ණ තරඟාවලි ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (21) සමත් වුණා.
ඔවුන් මෙම දස්කම් දැක්වුයේ කොදෙව් කාන්තා කණ්ඩායම සමඟ පැවැති තුන්වන සහ අවසන් එක්දින තරඟය ලකුණු 161කින් ජයගැනීමත් සමඟයි.
සුරියවැව හිදී පැවැති තරඟයේ පළමුව කාසියේ වාසිය දිනාගත් කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් ලබා ගනු ලැබුවා.
ශ්රී ලංකාව වෙනුවෙන් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 92ක් රැස්කළ අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් ද, අනුෂ්කා සංජීවනී ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුණා.
ලකුණු 276ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 5කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 115ක් පමණයි.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සචිනි නිසංසලා ලකුණු 28කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වුණා.
Leave a Reply