ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර් 20කදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18යි 4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 167ක් ලබා ගනිමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 43කදී ලකුණු 61 ලබාගත් අතර ජයග්‍රහණයේ නියමුවා වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69ක් රැස් කළා.
ඇයගේ ඉනිමට අනගි සහයක් දුන් කවීෂා දිල්හාරි නොදැවී ලකුණු 30ක් ලබා ගනු ලැබුවා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම ශූරතාවය දිනා ගැනීමට සමත්වූයේ පළමු වරටයි.
Leave a Reply