Loading...

ගංවතුරෙන් බැටකන නේපාලයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක්

හදිසි ජල ගැලීම් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින නේපාල ජනතාවට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට පියවර ගෙන ඇති අතර, එමගින් විපතට පත් නේපාල ජනතාවට හදිසි සහන හා මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂිතයි.

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් සිදුවූ ජීවිත හානි සහ ජනතාව මුහුණදී ඇති පීඩාව පිළිබඳව ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර ඇති අතර, විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගය ද එක් කර තිබෙනවා.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙවැනි දුෂ්කර අවස්ථාවකදී ශ්‍රී ලංකාව නේපාලය සමඟ එකට සිටගන්නා බවයි.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ද නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගය පළ කර ඇත.

නේපාලයේ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ලබාදිය හැකි වැඩිදුර සහයෝගීතා ක්‍රමවේද පිළිබඳව ද රජයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *