2025 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාර්තු මස 31 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාව සංශෝධනයට අනුව පැවැත්වෙන පළමු නිලවරණය මෙය වන අතර ඡන්ද ගණන 147 සිට 60 දක්වා අඩුකර තිබීමද කැපී පෙනෙනවා.
මේ අතර ක්‍රිකට් නිලවරණය සඳහා අදාළ නාම යෝජනා කැඳවීම ඊයේ (23) දිනයේ දී අවසන් වුණා.
ඒ අනුව වත්මන් සභාපතිවරයා ඇතුළු පාර්ශවය පමණක් මෙවර නිලවරණය සඳහා ද නාම යෝජනා භාර දී තිබූ බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා සඳහා වන විරෝධතා භාරදීමට ජනවාරි මස 29 වැනිදා දක්වා කාළය ලබා තිබෙනවා.








Leave a Reply