Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවකට?

හැකි ඉක්මණින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට හෝ බලයලත් නිලධාරියෙකුට පැවරීම පිළිබඳව ICC ආයතනය සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (05) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජු මැදිහත් වී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.

ඒ මහතා පෙන්වා දෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත් එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්ය.

එය රජයේ වගකීමක් බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *