වලංගු බලපත්‍රයකින් තොරව ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වූ ඔන්ලයින් සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24කට මෙරට තුළ සිට ප්‍රවේශ වීම අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.
මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේ, 2025 අංක 17 දරන සූදු නියාමන අධිකාරි පනත යටතේ ක්‍රියාත්මක වන සූදු නියාමන අධිකාරිය කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මෙම නියෝගය නිකුත් කළ බවයි.
ඒ අනුව, සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට අදාළ වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
සූදු නියාමන අධිකාරිය අවධාරණය කරන්නේ, පනත යටතේ නිකුත් කළ වලංගු බලපත්‍රයකින් තොරව ඔන්ලයින් සූදු හෝ ඔට්ටු ඇල්ලීමේ සේවා පවත්වාගෙන යාම, ඒවා ප්‍රවර්ධනය කිරීම හෝ පහසුකම් සැලසීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
මෙලෙස අවහිර කළ වෙබ් අඩවි අතර 1xBet, Bet365, Betway, 22Bet, Melbet, Stake, Betfair, Dafabet, Unibet, Parimatch ඇතුළු ජාත්‍යන්තර ඔන්ලයින් සූදු වේදිකා රැසක් ද ඇතුළත් වනවා.
නීතිවිරෝධී ඔන්ලයින් සූදු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ නොවන ලෙසත්, එවැනි වෙබ් අඩවි හරහා මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම, නීතිවිරෝධී සූදු ජාල මැඩපැවැත්වීම, නියාමනය ශක්තිමත් කිරීම සහ මහජනතාවගේ මූල්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉදිරියටත් අදාළ ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළා.







Leave a Reply