Loading...

‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී දළදා මාළිගාවෙන් රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක්

ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට නැවත ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල ප්‍රශංසනීය බව මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු පවසනවා.

උන් වහන්සේලා මේ බව සඳහන් කර ඇත්තේ අද (11) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථවේදීයි.

මෙම අවස්ථාවට ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා සහභාගීව තිබෙනවා.

ඊට සිය ආශීර්වාදය පළකරන බවද උන් වහන්සේලා මෙහිදී පවසා ඇති බව සඳහන්.

මෙම සාකච්ඡාවේ දී මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතුවලදී දළදා මාලිගාවෙන් ලබාදිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා.

මේ අතර ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *