Loading...

උණුසුම් කාලගුණය ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනුරු ඇඟවීම් මධ්‍යස්ථානය විසින් 2026 අප්‍රේල් 06 දිනට වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ ඇම්බර් මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත් සමඟ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.

මෙම උණුසුම් දර්ශකය (Heat Index) යනු වායුගෝලීය ආර්ද්‍රතාවය හා උපරිම උෂ්ණත්වය එකට ගණනය කර මිනිස් ශරීරයට දැනෙන උණුසුම පෙන්වන දර්ශකයක් වන අතර, එය සෘජුවම උෂ්ණත්වය නොවන බවද එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.

එම නිසා ජනතාවට පහත උපදෙස් අනුගමනය කරන ලෙස දැනුම් දී ඇත.

ප්‍රමාණවත් ජලය පානය කිරීම
වැඩ බිම්වල සෙවනැල්ලේ විවේක ගැනීම
වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වීම
කුඩා ළමුන් වාහන තුළ තනිව නොතැබීම
එළිමහන් අධික ශාරීරික ක්‍රියාකාරකම් සීමා කිරීම
ලා පැහැති, සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම

තවද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන අදාළ උපදෙස් පිළිබඳවද අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *