Loading...

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන පහසුකම්

අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා කියා සිටියේ මගී අවශ්‍යතාව පරිදි එම බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර දුම්රියෙන් පැමිණෙන මඟී ජනතාවට ද ඔවුන්ගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *