Loading...

හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ නගරයේ හෙට (01) දිනයේ විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා තිබෙනවා.

ඒ හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන්.

පොලීසිය පවසන්නේ අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බවත් මැයි දිනයට සමගාමීව විවිධ ආයතන හා සංවිධාන කරනු ලබන සැමරුම් උත්සව දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.

මෙලෙස පැවැත්වෙන මැයි දින උත්සව සහ සැමැරුම් සාමකාමී ලෙස පැවැත්වීමට සුදුසු පරිසරයක් සකස් කිරීම හා එහි ආරක්ෂාව රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව සැලැස්ම මෙන්ම සාමාන්‍ය රථවාහන ගමනාගමනය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

පිට පළාත්වල පැවැත්වෙන පෙළපාලි සහ රැස්වීම් සම්බන්ධයෙන් ඉහත පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස පළාත් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත පොලිස්පතිවරයා විසින් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ නගරය මූලික කරගනිමින් පැවැත්වීමට නියමිත දේශපාලන පක්ෂ හා වෘත්ති සංවිධානවලට අයත් රැලි හා පෙලපාළි පැවැත්වෙන ස්ථාන හා මාර්ග සැලැස්ම


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *