Loading...

මැදපෙරදිග සිටින ඇමෙරිකානුවන්ට විශේෂ දැනුම් දීමක්

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම සමඟ ආරක්ෂිත අවදානම සැලකිල්ලට ගෙන මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.

මේ අනුව ඉරානය, ඉරාකය, බහරේන්, ඊජීප්තුව, ජෝර්දානය, කුවේට්, ලෙබනනය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, සිරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යේමනය යන රටවල සිටින අමෙරිකානු පුරවැසියන්ට මෙලෙස ඉවත් වෙන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ අතර ඉරානයට එරෙහිව මේ දක්වා බරපතළ ප්‍රහාර එල්ල කර නොමැති බව අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ටෙහෙරානයේ න්‍යෂ්ටික මිසයිල වැඩසටහන ව්‍යර්ථ කිරීම සඳහා ඉරානය වෙත ප්‍රහාර එල්ල කිරීමට නියෝග කර ඇති බවයි.

ධවල මන්දිරයේ දී මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරනවා.

සති 5ක කාලයක් මෙම ගැටුම් පවතින ඇති බවට මීට පෙර ඇස්තමේන්තු කර තිබුණ ද ඒ සඳහා ඊට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *