කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදුකරන කාලය අඩු කිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා පවසන්නේ පවතින තත්ත්වය මත සිදු කරන ජල කප්පාදුව පැය 8ක් හෝ 12ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බවයි.
වියළි කාලගුණ තත්ත්වය සමඟ ජල සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට දින 3කට පසු එක් දිනයක් ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබුණා.
කෙසේ වෙතත් පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම කාලසීමාව ඊයේ (03) දිනයේ පැය 18ක් දක්වා අඩු කිරීමට එම මණ්ඩලය තීරණය කළා.
මේ අනුව අදාළ කාල සීමාව තවදුරටත් අඩු කිරීම සම්බන්ධව ජල සම්පදාන මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.
මේ අතර ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මඟින් ජලය සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.
ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලයේ යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව සඳහන්.








Leave a Reply