Loading...

සිංහල අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවා

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

මේ අනුව හෙට (08) සිට අප්‍රේල් 20 වනදා දක්වා කාල සීමාව දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව මෙම විශේෂ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාවන් මඟින් දෛනිකව අතිරේක ගමන්වාර 800 බැගින් යොදවා ඇති බවයි.

ඊට සමගාමීව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් දැනට ධාවනය වන ගමනාන්ත සඳහා කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාරවලට අමතරව අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බවද වාර්තා වනවා.

මෙම කාලසීමාව තුළ ගම්බිම් බලා පිටත්ව යාම සඳහා කොළඹ නගරය සහ තදාසන්න නගර ආශ්‍රිත බස් සහ දුම්රිය නැවතුම්පොළ ලක්ෂ 15කට ආසන්න මගීන් ගණනක් පැමිණෙනු ඇති බව අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී මඟීන්ට අවශ්‍ය සනීපාරක්ෂ පහසුකම්, ආරක්ෂක කටයුතු, ප්‍රථමාධාර ඇතුළු මුලික අවශ්‍යතා අදාළ බස් පර්යන්තවල සපයා ඇති බව සඳහන්.

ඊට අමතරව විශේෂ රාජකාරී සඳහා නිලධාරීන් ද යොදවා තිබෙනවා.

තවද අදාළ කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සේවා ඒකකයක් ස්ථාපිත කර ඇති බවද එම කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ 1955 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය සහ 071 259 55 55 වට්ස්ඇප් අංකය හරහා ඕනෑම අයෙකුට ඒ හා සම්බන්ධ විය හැකි බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *