Loading...

දකුණු අප්‍රිකානුවන් ඇෆ්ඝන්වරුන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයේ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයෙන් කඩුලු 9ක පහසු ජයක් ලබා ගැනීමට අද (27) සමත් වුණා.

ට්‍රිනිඩෑඩ් හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඇෆ්ඝන් කණ්ඩායම ගත් එම තීරණයට සුපිරි පිළිතුරුක් ලබාදීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන බලඇණිය සමත් වුණා.

ඇෆ්ඝන් ඉනිමේ පන්දුවාර 6යි පන්දු 3ක් වන විට මුල්පෙළ කඩුලු 6ම බිඳ වැටීම හේතුවෙන් ඔවුන්ගේ පිතිකරුවන් දැඩි අසීරු අඩියකට මුහුණ දෙනු ලැබුවා.

ඒ අනුව පන්දුවාර 11යි පන්දු 5කදී ලකුණු 56කට ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 56ක් පමණි.

එය ලෝක කුසලාන අවසන් පුර්ව තරඟයක කණ්ඩායමක් වාර්තා කළ අවම ලකුණු ගණනක් ලෙසද වාර්තා පොත් අතරට එක්වුණා.

Marco Jansen සහ Anrich Nortje දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 3 බැඟින් දවා ගනු ලැබුවා.

ලකුණු 57ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 8යි පන්දු 5කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

මේ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අවස්ථාව හිමිකර ගත්තා.

මේ අතර ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ දෙවන අවසන් පුර්ව තරඟය අද (27) පැවැත්වීමට නියමිතයි.

ඒ ඉන්දියාව සහ එංගලන්ත කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට තරඟය ආරම්භ වීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *