Loading...

අනුර සජිත් විවාදයට සජබෙනුත් දින දෙයි

සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින නියම කරමින් සමඟි ජන බලවේගය විසින් ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය යොමු කර ඇත්තේ එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින්.

පළමුව දෙපාර්ශවයේ ආර්ථික කමිටුව අතර විවාදය පළමුවෙන් තැබිය යුතු බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මේ අනුව මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී තිබෙනවා.

ඉන්පසු දෙපාර්ශවයේ නායකවරුන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය සඳහා ජුනි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරා ගැනීමට යෝජනා කර ඇති බව සඳහන්.

තවද විවාදය පැවැත්වෙන දිනය පිළිබඳව ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *