හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ ගත වීම පිළිබඳව සැකයක් ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටළුවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (10) එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ “මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, එක පැත්තකින් පාස්කු මහ මොළකරු දැනගෙන එය වසන් කිරීමේ වරදට හසුවෙනවා. අනෙක් පැත්තෙන් ඔහු බොරුවක් නම් කියන්නේ, මේ අහිංසක මිනිසුන්ගේ මරණයට වගකිව යුතු පුද්ගලයාව වසන් කරන්න එහෙම නැත්නම්, පරීක්ෂණ නොමඟ යවන්න කටයුතු කරනවා ද කියන සැකය අපිට ඇති වෙනවා.
කිසිසේත්ම එතුමා ඒ කළ ප්‍රකාශයෙන් පැනලා යන්න බෑ. හැබැයි අපි දකිනවා එතුමා සැරින් සැරේ ඒ ප්‍රකාශ වෙනස් කරනවා.
මෛත්‍රීපාල සිරිසේනට, රටත් කාලා. මිනිස්සුන්වත් කාලා දැන් එයාට වමාරන්න වෙලා තියෙන්නේ. අපිට බය මෛත්‍රී මෙච්චර රටේ ප්‍රශ්න ඇති කරලා, තායිලන්තය බලා ගිහින් තියෙනවා. මේක පැනයාමක් ද කියලා මට පෞද්ගලිකව හිතෙනවා. එයාව වහාම කැඳවලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් ඉල්ලා සිටිනවා.”








Leave a Reply