Loading...

කොදෙව් කොල්ලන්ට සිංහ කොල්ලන් අමතක නොවන ක්‍රිකට් පාඩමක් කියා දෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (15) පැවැති දෙවන T20 තරඟයේ ලකුණු 73කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16යි 1ක් පන්දුවක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 89ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 09කට කඩුලු 03ක් දවා ගනු ලැබුවා.

ඊට අමතරව මහීෂ් තීක්ෂණ ලකුණු 7කට කඩුලු 02ක්, චරිත් අසලංක ලකුණු 6කට කඩුලු 2ක්, වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 2ක් සහ මතීෂ පතිරණ ලකුණු 12කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *