ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය සහ අධික ලෙස මගීන් රැගෙන යාම යන චෝදනාවකටයි.
අධිකරණයට ඉදිරිපත් කළ චාමර රණවක අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර එහිදී ඔහුට රුපියල් 20,000 ක දඩ මුදලක් පැනවීමට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ගායන ශිල්පී චාමර රණවක සහ තවත් දෙදෙනෙක් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.







Leave a Reply