Loading...

දෙවිනුවර නිවසකට වෙඩි ප්‍රහාරයක්

මාතර, දෙවිනුවර ගන්දර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (22) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, ගන්දර පොලිස් වසමේ ඒදණ්ඩ පාර, දෙවිනුවර ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *