Loading...

JVP ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිපදෙනෙක් මීළඟ ආණ්ඩුවක් යටතේ නීතිය ඉදිරියට ගේනවා

මීළඟ ආණ්ඩුවක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන්ගෙන් කිහිපදෙනෙක්ම නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමට නියමිතව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

“පක්ෂය ඉතාමත් ශක්තිමත්ව ගම් මට්ටමින් නැවතත් අපෙන් ඈත් වුණු ජනකොටස් ඒකරාශි කරමින් ඉස්සරහට යනවා.

මිනිස්සුන්ට නීති විරෝධි ආකාරයෙන් වත්කම් තිබුනොත් තමයි ඒකට ප්‍රශ්නේ තියෙන්නේ. අපි හැමෝම අපේ වත්කම් දීලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන් දීපු වත්කම් ප්‍රකාශවල තියෙනවා රටේ නීතියට පටහැනි වත්කම්. මේවා හොයන්න ඕනේ. ඉදිරි ආණ්ඩුවක් යටතේ මේ ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න මේ ඇමතිවරුන්ගේ කිහිපදෙනෙක්ම අනිවාර්යෙන්ම නීතිය ඉදිරියේ දඬුවම් ලබන්න නියමිතයි.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *